අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂයේ බහුතරය පෙන්වන්න ඒකාබද්ධය අසමත් වෙලා..!

පරාජිතයින් 11ක් ජාතික ලැයිස්තුවෙන් රිංගු පාර්ලිමේන්තුවට වසර 3යි..!

විපක්ෂනායකකම ඉල්ලූ ලිපියට ඒකාබද්ධයෙන් අත්සන් 8ක් පමණයි..! මහින්ද රාජපක්ෂගේ අත්සනවත් නැහැ..! මන්ත්‍රීන් 62ක් අත්සන් කර නැහැ..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම විපක්ෂයේ බහුතරය තිබෙන…

විපක්ෂනායකකම ඉල්ලූ ලිපියට ඒකාබද්ධයෙන් අත්සන් 8ක් පමණයි..!

මහින්ද රාජපක්ෂගේ අත්සනවත් නැහැ..!

මන්ත්‍රීන් 62ක් අත්සන් කර නැහැ..!

 විපක්ෂයේ බහුතරය පෙන්වන්න ඒකාබද්ධය අසමත් වෙලා..!

(සුජිත් මංගල ද සිල්වා)

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකම විපක්ෂයේ බහුතරය තිබෙන  ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන්නැයි ඉල්ලමින් කතානායක කරු ජයසූරිය මහතා වෙත එම කණ්ඩායම ඊයේ (01) භාර දී ඇති ලිපියට අත්සන් කර තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනාගෙන් අට දෙනකු පමණි.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දුන් එම ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා අත්සන් කර නොමැත.

විපක්ෂනායකකම ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන ලෙසට ඉල්ලා භාර දී තිබෙන එම ලිපියට අත්සන් කර තිබෙන්නේ දිනේෂ් ගුණවර්ධන,විමල් වීරවංශ,ඩබ්ලියු ඩී ජේ සෙනවිරත්න,වාසුදේව නානායක්කාර,ඩලස් අලහප්පෙරුම,උදය ගම්මන්පිල,බන්දුල ගුණවර්ධන සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් පමණකි.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ විපක්ෂ නායක ධූරය ද සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන කණ්ඩායම් අතර ඇති වී තිබෙන බල අරගලය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ බහුතරයේ ස්ථාවරය වී තිබෙන්නේ විපක්ෂ නායක ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ඒකාබද්ධ විපක්ෂයේ  කුමාර වෙල්ගම මහතාට ලබා දිය යුතුය යන්න වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවයේ මතය වී තිබෙන්නේ  ඊට දිනේෂ් ගුණවර්ධන මහතා පත් කර ගත යුතු බවටය.   

මේ අනුව ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ විපක්ෂ නායකවරයා කවුදැයි කතානායක කරු ජයසූරිය මහතා අඟහරුවාදා (07) පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැත්තෑ දෙනෙකු සිටින අතර දැනට විපක්ෂ නායක ධූරය දරන ආර්.සම්පන්දන් මහතා නියෝජනය කරන දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරු 16 දෙනෙකු පමණි.

විපක්ෂයේ බහුතරය පෙන්වන්න ඒකාබද්ධය අසමත් වෙලා..! විපක්ෂයේ බහුතරය පෙන්වන්න ඒකාබද්ධය අසමත් වෙලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විපක්ෂයේ බහුතරය පෙන්වන්න ඒකාබද්ධය අසමත් වෙලා..! | Lanka Newsweek