විපක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් රවී හරහා එජාපයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රවී උතුරු කොළඹින් වැඩ අල්ලයි විපක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් රැසක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හරහා එකසත් ජාතික පක්ෂයට එකතු වීමට සුදානමින් සිටිති. මේ අතරින් කොටසක් කොළඹ මෝදර…
රවී උතුරු කොළඹින් වැඩ අල්ලයි

විපක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් රැසක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හරහා එකසත් ජාතික පක්ෂයට එකතු වීමට සුදානමින් සිටිති.
මේ අතරින් කොටසක් කොළඹ මෝදර බොනවිස්ටා ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (29) සවස 3.00 ට පැවැත් වෙන උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂයට එකතු වනු ඇත.
"කොළඹින් පටන්ගමු" යන තේමාව යටතේ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ උතුරු කොළඹ ප්‍රධාන සංවිධායක රවී කරුණානායක මහතා සංවිධානය කරන මෙම රැස්වීමට විශාල ජනකායක් ඒකරාශී වීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1