විපක්ෂයට ආපදාව ගැන කතා කරන්න තහනම් - විපක්ෂය පාර්ලිමේන්තුවෙන් පිටව යයි

විපක්ෂය විසින් සිදුවී ඇති ආපදාව පිළිබඳවත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්චා කිරීමට පාර්ලිමේන්තුව තුල දින දෙකක විවාදයක් ඉල්ලා තිබුණු නමුත් ඒ සඳහා ආණ්ඩු පක්ෂය අද (01) දහවල් 12.30 දක්වා…
විපක්ෂය විසින් සිදුවී ඇති ආපදාව පිළිබඳවත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්චා කිරීමට පාර්ලිමේන්තුව තුල දින දෙකක විවාදයක් ඉල්ලා තිබුණු නමුත් ඒ සඳහා ආණ්ඩු පක්ෂය අද (01) දහවල් 12.30 දක්වා පමණක් කාලය ලබා දීමට තීරණය කිරීම නිසා ඊට විරෝදය දක්වමින් විපක්ෂය පාර්ලිමේන්තුවෙන් ඉවතට යාමට අද (01) කටයුතු කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේ වගකිව යුතු අංශ මෙම අවදානම පෙන්වා දී තිබියදීත් ආණ්ඩුව නිසි පියවර නොගත් බවය.
තවද දෙසැම්බර් 12 වන දින කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනය පිලිබඳව නිසි අවධානය යොමු කර, අවම වශයෙන් ජලාශ වල පිරී පැවති ජලයවත් ක්‍රමානුකූලව බැහැර කරනු ලබුවේනම් අහිමි වී ඇති මිනිස් ජීවිත වලින් 75%ක් වත් බේරා ගැනීමට හැකියාව පැවති බවද පෙන්වා දෙනු ලැබීය.