විපක්ෂනායකට රාමඤ්ඤ මහා නිකායෙනුත් ගෞරව සම්මානයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජන රංජන යන ගෞරව නාමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පුද කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙන අතර එම ගෞරව නාමය…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජන රංජන යන ගෞරව නාමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පුද කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙන අතර එම ගෞරව නාමය පුද කිරීම සිකුරාදා (12) උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ.
සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මගින් අදාළ ගෞරව නාමය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පිරිනමනු ලැබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙකු, ඇමතිවරයෙකු සහ විපක්ෂ නායකවරයා ලෙස වර්තමානයේ දී සජිත් ප්‍රේමදාස මහතා වෙතින් ඉටු වන සමාජ මෙහෙවර පිළිබඳව එහිදී විශේෂ සැලකිල්ලට භාජනය කොට තිබේ.
දැන්වීම
යහ පාලන රජය සමයේ ඉතා කෙටි කලක් සංස්කෘතික අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ වකවානුවේ දී ආගමික, සමාජ සහ සංස්කෘතික වශයෙන් අතිශයින් වැදගත් වන කටයුතු රැසක් ම ඉටු කරනු ලැබ තිබිණ.
සසුනට අරුණ, සිසු දහම් සෙවන, විපක්ෂයෙන් හුස්මක් සහ සක්වල වැනි වැඩ සටහන් හරහා විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජන රංජන ගෞරව නාමයෙන් ද පිදුම් ලැබීය.