විධිමත් ක්‍රමවේදයක් යටතේ මහා කන්නයේ වී මිල දී ගනු

රටට බත සපයන වී ගොවියා අනාථ නොකර විධිමත් ක්‍රමවේදයක් යටතේ මහ කන්නයේ වී අස්වනු මිලදි ගැනීමට රජය වහාම ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා විශේෂ…
රටට බත සපයන වී ගොවියා අනාථ නොකර විධිමත් ක්‍රමවේදයක් යටතේ මහ කන්නයේ වී අස්වනු මිලදි ගැනීමට රජය වහාම ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ කර ඇති පරිසරයක වී ගොවියාගේ යහපතට හේතු වන ආකාරයට රජයේ නිසි මැදිහත්වීමක් සිදු විය යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරන්නෙමු.
රටට බත සපයන වී ගොවියාගේ යහපත හා ආරක්ෂාව උදෙසා ස්ථීරසාර ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් නොමැතිවීම නිසා කන්නයෙන් කන්නයට අස්වනු නෙලන කාල සීමාවන්හිදී මතු වන දුක්ගැනවිලිවලින් පැහැදිලිව ප්‍රදර්ශනය වේ. ඒ් අනුව මෙවර මාස් කන්නයේ වී අස්වනු මිලදි ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිලිවෙළකට තීන්දු තීරණ ගත යුතුව තිබුණේ අස්වනු නෙලීම ආරම්භ කිරීමෙන් පසුව නොවේ. යම් කලකට පෙර සිට ඒ් සඳහා පූර්ව සූදානමක් පැවතිය යුතු විය. ඒ් බව පැහැදිලි වන්නේ වී අස්වනු මිලදි ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණයේ වී මෝල් හිමියන් වෙත ණය ක්‍රමයක් හදුන්වාදීමට හදුන්වා දී ඇතත් වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදි ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් තවමත් ආරම්භ නොවීම තුළය.
මේ සියළු තත්වයන් අප සළකා බැලිය යුතුව ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය ද සැළකිල්ලට ගනිමිනි. ඒ් සමඟ ම මඟ හැර යා නොහැකි තවත් කටුක සත්‍යයක් වන්නේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ග්‍රාමීය ගොවි ජනතාව ද බරපතල ආර්ථික කඩාවැටීමකට ගොදුරු වී සිටින බවය. එවැනි පරිසරයක් තුළ වගා කටයුතුවලට පමණක් නොව තම එදිනෙදා ජිවිතය පවත්වාගෙන යාමට පවා ණයකරුවන් බවට පත්වීමට ඔවුන්ට සිදුව ඇත. ගොවි ජනතාවගේ ස්ථාවර පැවැත්ම සඳහා අප ප්‍රතිපත්ති සකස් කල යුත්තේ කන්නයෙන් කන්නයට අස්වනු නෙලීම ආරම්භ කිරීමෙන් පසුව නොවන බව අපගේ විශ්වාසයයි. ඒ් අනුව රටක් ලෙස දේශීය ගොවි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථිරසාර වැඩපිළිවෙලකට යොමු වීම ආණ්ඩුවේ වගකීමකි.