විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව කොළඹ දි කතිකාවක්

දැනට බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවය පිළිබඳව සිවිල් සහ පුරවැසි සංවිධාන හා ක්‍රියාකාරිකයන් සමඟ සිදු කරන ජනතා කතිකාවක් කොළඹ 05,පයිප් පාරේ පිහිටි ජානකී හෝටලයේදී…
දැනට බලාත්මකව පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවය පිළිබඳව සිවිල් සහ පුරවැසි සංවිධාන හා ක්‍රියාකාරිකයන් සමඟ සිදු කරන ජනතා කතිකාවක් කොළඹ 05,පයිප් පාරේ පිහිටි ජානකී හෝටලයේදී ජනවාරි මස 18 වන සවස 03.15 ට පැවැත් වේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කරගැනීමෙන් පසු රට තුළ වර්ධනය වූ තීරණාත්මක ගැටලු හා අභියෝගයන් සහ ඒ්ක පුද්ගල අධිකාරිවාදී තීන්දු ඒවා කෙරෙහි බලපා ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම සඳහා සිවිල් සමාජ සංවිධාන සතු වගකීම අවධාරණයට ලක්කිරීම ඒ මඟින් අපේක්ෂා කෙරේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් සංවිධානය කර ඇති මෙම කතිකාවේ දි වයඹ පළාත් ප්‍රධාන සංඝනායක, තිස්සව රජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්ධත්ත නා හිමි, ආචාර්ය නිහාල් ජයවික්‍රම, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් එහිදි අදහස් දැක්වීමට නියමිතය.