විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙදි ගැලවේ..!

විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම කාර්යාංශය ව්‍යවස්ථාවට පටහැනිව චක්‍රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව හමුවට විදේශ සේවා…
විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
එම කාර්යාංශය ව්‍යවස්ථාවට පටහැනිව චක්‍රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවූ අවස්ථාවේ කරුණු හෙළි වූ අතර වහා ම එකී සියලු චක්‍රලේඛ අවලංගු කරන ලෙසට කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීර මහතා එම කාර්යාංශයට නියෝග කළා.
නිවැරැදි ලෙස කටයුතු නොකළ විදේශ රැකියා ඒජන්සි පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය වූ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර එසේ නිවැරැදිව කටයුතු කර නැති විදේශ රැකියා ඒජන්සි වහා ම ආයතනයෙන් ඉවත් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා නියෝග කර සිටියා.
දැන්වීම
පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ කෝප් කමිටු සභාපතිවරයා සහ කමිටුවේ මන්ත්‍රිවරු එම කාර්යාංශ නිලධාරීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළා.
විදේශ රටවලට රැකියා සඳහා පිටව ගිය අය පිළිබඳව ඇතැම් නිවැරැදි දත්ත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොමැති බවට මෙහිදී කරුණු හෙළිවූ අතර ඒ පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට එල්ල වුණා.
එම කාර්යාංශ නිලධාරීන් කෝප් කමිටුවට ඉදිරිපත් කළ ඇතැම් දත්ත පිළිබඳවද මෙහිදී ගැටලු මතුවූ අතර නිවැරැදි දත්ත ඉදිරිපත් නොකළ බවට තහවුරු වුවහොත් අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද කමිටුවට එම නිලධාරීන් කැඳවන බවට කෝප් කමිටු සභාපතිවරයා පවසා සිටියා.
විදෙස්ගතවූවන් පිළිබඳව හා කාර්යාංශයට අදාළ කාරණා පිළිබඳව අසන ලද පැනයකදී එහි සාමාන්‍යාධිකාරිවරයා තම ලැප්ටොප් පරිගණකය ගෙනාවේ නැතැයි පැවැසූ අවස්ථාවේ කෝප් කමිටු සාමාජික අසිත නිරෝෂණ මන්ත්‍රිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ඔහු ලක්වුවා.
එහිදී මහත්තයෝ, මේක කෝප් කමිටුව, ඉදිරියේ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා මේ ස්ථානයට එද්දී සියලු දේ අරගෙන එන්න යනුවෙන් දැඩි ලෙස පවසා තිබුණා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මුළුමනින් ම එම ආයතනයේ වගකීම් පැහැරහැර ඇති බවද එම කාර්යාංශය සිදුකර ඇත්තේ මිනිස් ජාවාරම බව කෝප් කමිටු මන්ත්‍රිවරු මෙහිදී දැඩි අප්‍රසාදයකින් එම කාර්යාංශ නිලධාරීන්ට පැවසුවා.
එම නිසා එම කාර්යාංශයේ වැරැදි තීන්දු තීරණ ගත් අය පිළිබඳව වහාම විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී නියෝග කළා.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තම කාර්යභාරය පැහැරහැර ඇති බවද මෙහිදී කෝප් කමිටු මන්ත්‍රිවරු පැවසුවා.