අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට බැහැලා

විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට බැහැලා

ඩොලර් සංචිතය මේ තරම් අඩු වුණේ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා පහත වැටී ඇති බව මුල්‍ය සහ ආර්ථික විශේඥයෝ අනාවරණය කර සිටිති. රටේ…

ඩොලර් සංචිතය මේ තරම් අඩු වුණේ ඉතිහාසයේ පළමු වතාවට  

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා පහත වැටී ඇති බව මුල්‍ය සහ ආර්ථික විශේඥයෝ අනාවරණය කර සිටිති.

රටේ ආර්ථිකය වළපල්ලට වැටී අවසාන යැයි, මේ තත්ත්වයෙන් රට ගොඩගැනීමට තිබෙන එකම විකල්පය වන්නේ රට ලබා ගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහ ගත කරණය කිරීමට සාකච්ඡා කර ඒ සඳහා උත්සහා කිරීම යැයි ද එම ආර්ථික සහ මුල්‍ය විශේඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා පහත වැටී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළ අතර රටේ නිල විදේශ සංචිතය මේ තරමට පහත වැටුණේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට යැයි ද ඔහු පෙන්වා දුන්නේය. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදේශ සංචිතය ඩොලර් බිලියන 1.2 ට බැහැලා | Lanka Newsweek