අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදේශ ප්‍රේෂණ ගැන උදම් අනන ආණ්ඩුවට විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගැටළු ගැන වගේ වගක් නෑ - විපක්ෂ නායක

විදේශ ප්‍රේෂණ ගැන උදම් අනන ආණ්ඩුවට විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගැටළු ගැන වගේ වගක් නෑ - විපක්ෂ නායක

කොරියානු සහ ඉතාලි ඇතුළු විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට නැවත වරක් ඉදිරිපත් කරයි දැනට කොරියානු රැකියාවලට ලියාපදිංචි 10000ක් පමණ සි‌ටින බවත් මොවුන්…

කොරියානු සහ ඉතාලි ඇතුළු විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට නැවත වරක් ඉදිරිපත් කරයි

දැනට කොරියානු රැකියාවලට ලියාපදිංචි 10000ක් පමණ සි‌ටින බවත් මොවුන් කොරියානු භාෂා විභාගය සමත්ව ලියාපදිංචි වී සම්මුඛ පරික්ෂණවලට ගොස් වෛද්‍ය පරීක්ෂණවලට ගොස් ඇති අය බවත් මේ අය 2026 මාර්තු මාසයේ දී මේ ලිස්ට් එකෙන් ඉවත් වන බවත් වසර 2ක පමණක් කාලයක් මෙය වලංගු නිසා මේ සම්බන්ධයෙන් තමා ද දකුණු කොරියානු තානාපතිනිය සමඟ ද සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ 10000ට සිදුවන අසාධාරණය ගැන මානව සම්පත් ආයතනයට කොරියානු තානාපතිනියට සහ කොරියානු රජයට කතා කර මේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මොවුන්ගේ මහන්සියට සහ මුදල්වලට නිසි සාධාරණයක් ඉටු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේම ඉතාලි රැකියාවලට සුදුසුකම් ලබා ඇති අවසන් තීන්දුව ලැබූ ගණනාවක් රැකියාවක් නොමැතිව සිටින නිසා පැරණි ගිවිසුම් අලුත් ගිවිසුම් ගැන නොසිතා නිෂ්කාශන අවසරය ලැබූ මේ කණ්ඩාවම ඉතාලිය කරා යවන ලෙසත් මේ සම්බන්ධයෙන් තමා ඉතාලි තනාපතිවරයාගෙන් ද ඉල්ලීමක් කළ බැවින් මේ ගැනත් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට කාලයක් පුරාවට වංචනික විදේශ රැකියා ආයතන රැසක් බවත් මොවුන් මහජනතාවගෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සොරා ගෙන ඇති බවත් මහරගම රේන්බෝ සහ බත්තරමුල්ලේ නිව් රේන්බෝ විදේශ රැකියා ආයතනය 46කගෙන් කෝටි 86ක් වංචා කර ඇති බවත් මොවුන් රුමේනියා රැකියා ලබා දෙන බව පවසා ඇති නිසා පුද්ගලිකව මේ කරුණු ගැන සොයා බලා කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න