විදේශ ණය කෝටි ගණනක් අතුරුදන්

විදේශ ණය ප්‍රමාණය සැබෑ ප්‍රමාණයට වඩා අඩුවෙන් දක්වලා ණය ලබා ගත්තේ කිනම් අයෙකුගෙන් ද යන්න පැහැදිලිව සඳහන් කර නැහැ විශේෂ විමර්ශනයකින් හෙළි වෙයි (සුජිත් මංගල ද සිල්වා) එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී…
විදේශ ණය ප්‍රමාණය සැබෑ ප්‍රමාණයට වඩා අඩුවෙන් දක්වලා
ණය ලබා ගත්තේ කිනම් අයෙකුගෙන් ද යන්න පැහැදිලිව සඳහන් කර නැහැ
විශේෂ විමර්ශනයකින් හෙළි වෙයි

(සුජිත් මංගල ද සිල්වා)
එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී චීනයෙන් ලබා ගෙන ඇති ණය සම්බන්ධයෙන් "Verité Research" ආයතනය මගින් සිදු කෙරුණු විශේෂ විමර්ශනයක දී, ශ්‍රී ලංකාවේ විදේශ ණය වාර්තාකරණයට අදාළව බරපතළ ගැටලු තුනක් අනාවරණය වී තිබේ.
එම බරපතළ ගැටලු තුන වන්නේ, රටක් ලෙස ශ්‍රී ලංකාව ඒ ඒ විදේශ ණය ලබා ගෙන ඇත්තේ කිනම් රටකින් ද යන්න පිළිබඳව පැහැදිලිව වාර්තා කර නොතිබීම, රාජ්‍ය විදේශ ණය ප්‍රමාණය සැබෑ ප්‍රමාණයට වඩා අඩුවෙන් දක්වා තිබීම සහ ඇතැම් විදේශ ණය අස්ථාන ගත වී තිබීම බව "Verité Research" ආයතනය පෙන්වා දෙයි.
දැන්වීම
ණය ගත් මූලාශ්‍ර අනුව කර ඇති වාර්තාකරණය යටතේ, රාජ්‍ය සංස්ථා ලබා ගත් විදේශ ණය ඊට ඇතුළත් නොකරමින් 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය චීනයට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය දක්වා ඇත්තේ සැබෑ ණය ප්‍රමාණයට වඩා අඩු වෙනි. ඒ අනුව ශ්‍රී ලංකා රජය එම වර්ෂයේ දී චීනයට ගෙවිය යුතුව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 5,429ක මුදල මධ්‍යම රජයේ ප්‍රකාශිත නිල ණය වාර්තාවල දක්වා තිබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 3,387ක් ලෙසය.
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරය 2007-2013 වකවානුවේ දී ලබා ගෙන ඇති ණය 2014 දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිණුම් වෙත මාරු කර නැවත 2017 දී මහා භාණ්ඩාගාරයේ ගිණුම් වෙත මාරු කර තිබේ. කෙසේ නමුත් ප්‍රශ්නය වී ඇත්තේ එම ණය මුදලින් 2019 වන විට ගෙවීමට ඉතිරිව තිබෙන ණය ප්‍රමාණය මහා භාණ්ඩාගාර ගිණුම්වල හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිණුම්වල සඳහන්ව නොතිබීමය.


