අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදේශ ගත ශ්‍රමිකයින් මැයි මාසයේ දී ඩොලර් මිලියන 544.4ක් මව්බිමට එවලා

විදේශ ගත ශ්‍රමිකයින් මැයි මාසයේ දී ඩොලර් මිලියන 544.4ක් මව්බිමට එවලා

විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2024 මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 544.4 ක් සිය මව්බිමට එවා ඇතැයි විදේශ රැකියා සහ කම්කරු අමාත්‍යංශය පවසයි. ඒ අනුව මේ අවුරුද්ද ඇතුළත දී විදේශ ගත ශ්‍රමිකයින්…

විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2024 මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 544.4 ක් සිය මව්බිමට එවා ඇතැයි විදේශ රැකියා සහ කම්කරු අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මේ අවුරුද්ද ඇතුළත දී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් බිලියන 2,624ක් සිය මව්බිමට එවා ඇති අතර මනූෂ නානායක්කාර මහතා විදේශ රැකියා අමාත්‍යාංශය භාර ගත් දිනයේ සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී ඇමරිකානු ඩොලර් බිලියන 11.3 රටට එවා තිබේ.

ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ ඉල්ලීමට අනුව රට ගොඩනැගීම සඳහා මෙසේ විදේශ විනිමය සිය මව්බිමට එවන ශ්‍රී ලංකාවේ විදේශ ගත ශ්‍රමිකයින්ට සිය ආචාරය පුද කරන්නේ යැයි විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදේශ ගත ශ්‍රමිකයින් මැයි මාසයේ දී ඩොලර් මිලියන 544.4ක් මව්බිමට එවලා | Lanka Newsweek