විදේශීය ගිනි අවියක් එක්ක සැකකරු පොලිස් දැලේ

(ජයකාන්ත ලියනගේ) විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නොවිසිදුන අපරාද විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2018 ජනවාරි මස 04…
(ජයකාන්ත ලියනගේ)
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නොවිසිදුන අපරාද විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2018 ජනවාරි මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය සිකුරාදා (29) නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හික්කඩුව, කලූපේ, නවාගත්තකොළවත්ත ප‍්‍රදේශයේ පදිංචි කළුවාහන්දි ඉන්දික රත්න කුමාර (37) නොහොත් ජානක නැමැති අයයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නොවිසිදුන අපරාද විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත සැකකරුගේ නිවසේ පරෙවි කූඩුවේ තිබී ගිනි අවිය සොයා ගෙන තිබේ. පසුව වැඩිදුර නීතිමය කටයුතු සදහා සැකකරු හා ගිනි අවිය මීටියාගොඩ පොලීසියට බාරදී තිබේ.