අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදේශීය ඇඟළුම් ආනයනය සපුරා තහනම්

විදේශීය ඇඟළුම් ආනයනය සපුරා තහනම්

ජනපතිගෙන් චක්‍රලේඛයක්-ජාතික නිෂ්පාදනය වැඩි කරන පියවරක් දේශීය ඇඟළුම් නිෂ්පාදකයින් ශක්තිමත් කෙරේ නව කර්මාන්ත ශාලා රැසක් රට පුරා (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගතය සමග රටේත් ලෝකයේත් උද්ගත වී තිබෙන…

ජනපතිගෙන් චක්‍රලේඛයක්-ජාතික නිෂ්පාදනය වැඩි කරන පියවරක් 

දේශීය ඇඟළුම් නිෂ්පාදකයින් ශක්තිමත් කෙරේ 

නව කර්මාන්ත ශාලා රැසක් රට පුරා 

විදේශීය ඇඟළුම් ආනයනය සපුරා තහනම්

(සුජිත් මංගල ද සිල්වා)


COVID-19 වසංගතය සමග රටේත් ලෝකයේත් උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ විදේශ රටවලින් ඇඟළුම් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව විදේශ රටවලින් ඇඟළුම් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට විශේෂ චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙන අතර එමගින් බලාපොරොත්තු වන්නේ ඇඟළුම් ඇතුළු ආනයනික භාණ්ඩ සඳහා විදේශ රටවලට ගලා යන අති විශාල ධනස්කන්ධය රටේ රඳවා ගනිමින් ජාතික නිෂ්පාදනයට උර දී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වේ.

මේ වැඩ පිළිවෙළ යටතේ දේශීය ඇඟළුම් නිෂ්පාදකයින් දිරි ගන්වා ශක්තිමත් කෙරෙන අතර රට පුරා දේශීය ඇඟළුම් කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කරමින් දේශීය ඇඟළුම් අවශ්‍යතාවය දේශීය වශයෙන්ම සපුරා ගෙන ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට නියමිතය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදේශීය ඇඟළුම් ආනයනය සපුරා තහනම් | Lanka Newsweek