අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදේශගත වන සියලු ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත්

විදේශගත වන සියලු ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත්

(හේමන්ත තුසිත කුමාර) රැකියා සඳහා විදේශගත වන සියලු ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමාගේ හා ජාතික කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා…

(හේමන්ත තුසිත කුමාර)

රැකියා සඳහා විදේශගත වන සියලු  ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමාගේ හා ජාතික කොවිඩ් මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  දැනුවත් කිරීමෙන් පසු COVID මර්දන එන්නත ලබා දීම සඳහා ජාතික කොවිඩ් මර්දන කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනුම් දී ඇත.

ජාතික ආර්ථිකය වෙනුවෙන් විශාල මෙහෙවරක නිරත වී සිටින විගමණික ශ්‍රමිකයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම ජාතික අවශ්‍යතාවයකි. මේ බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පිළිගත් බවත්, ඒ අනුව සෞඛ්‍ය මාර්ග මාර්ගෝපදේශ වලට අනුගතව ඉදිරි කටයුතු සිදු කරන බවත් පැවසෙයි.

මෙම එන්නත ලබාදීම සඳහා සුදුසුකම් ලබන්නේ, රැකියා සඳහා විදේශගත වීමට අවශ්‍ය, රැකියා ගිවිසුම, වීසා බලපත්‍රය හා රැකියා ප්‍රදානය කිරීමේ පත්වීම් ලිපිය යන ලේඛන ලැබූ අය පමණකි. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් විදේශගත වන අය එම රැකියා ඒජන්සිය හරහා ද, ස්වයං මාර්ගයෙන් විදේශගතවන්නන් කාර්යාංශයට දුරකථන ඇමතුමක් ලබාදී අදාල තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචිය ලබාගත යුතු වේ. අදාල එන්නත් කිරීම් ඉදිරි සතිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි . 1989 අංකය අමතා මේ පිලිබඳ වැඩි විස්තර ලබා ගත හැක.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදේශගත වන සියලු ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත් | Lanka Newsweek