අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදෙස් ගත වන්නන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම්

විදෙස් ගත වන්නන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම්

(නිලන්ති මානෙල්) රැකියා සඳහා විදේශ ගත වීමට අපේක්‍ ෂාකරන පුද්ගලයන්ගේ ගැටලු හඳුනා ගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ශ්‍රී ලාංකිකයන්…

(නිලන්ති මානෙල්)

රැකියා සඳහා විදේශ ගත වීමට අපේක්‍ ෂාකරන පුද්ගලයන්ගේ ගැටලු හඳුනා ගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලාංකිකයන් සඳහා මේ වන විට විදේශ රැකියා වෙළෙ ඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වී ඇති බව පෙන්වා දුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විදේශ රැකියා සඳහා යොමු වීමට බාධා තිබේ නම් එම සියලු බාධා හැකි ඉක්මණින් ඉවත් කිරීමේ අවශ්‍යතාව ය ද අවධාරණය කළේය.

විදේශගත වන ශ්‍රමිකයන්ට මෙරට ගුවන්යානා පහසුකම් ප්‍රමාණවත් නොවේ නම් විදේශ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර පහසුකම් ලබා දෙන ලෙස ද ය බැසිල් රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් අතර ඔහු මේ බව කියා සිටියේ, අරලිගහ මන්දිරයේදී පැවැති විදේශ විනියම ප්‍රවර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදෙස් ගත වන්නන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් | Lanka Newsweek