අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදුලි සේවකයන් අමතක කරන්න හදන්න එපා - ඔවුන්‌ වෙනුවෙන් අපි ඉන්නවා : සජිත්

විදුලි සේවකයන් අමතක කරන්න හදන්න එපා - ඔවුන්‌ වෙනුවෙන් අපි ඉන්නවා : සජිත්

විදුලි සේවකයන්ගේ රැකියා 23000ක් අනාරක්ෂිත කරන්න ඉඩ දෙන්න බෑ ආණ්ඩුව වෙනුවෙන් මරන්නත් පුළුවන් කියල තර්ජනය කරලා මේවා විසඳන්න හිතන්න එපා මරන්න නෙමේ රටේ ජනතාව ජීවත් කරන්න බලන්න (අචින්ත මධුර) විදුලි බල…

විදුලි සේවකයන්ගේ රැකියා 23000ක් අනාරක්ෂිත කරන්න ඉඩ දෙන්න බෑ  

ආණ්ඩුව වෙනුවෙන් මරන්නත් පුළුවන් කියල තර්ජනය කරලා මේවා විසඳන්න හිතන්න එපා

මරන්න නෙමේ රටේ ජනතාව ජීවත් කරන්න බලන්න

(අචින්ත මධුර)

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී විදුලි බල ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් 23000කගේ රැකියා අවධානමකට ලක් කරමින් ආණ්ඩුව කටයුතු කිරීම පිළිබඳව අඟහරුවාදා (23) පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ එදා විදුලි බල ක්ෂේත්‍රයේ 23000ක් සේවකයන් මහපාරට බැස්ස වූ ආණ්ඩුවේ අය අද ආණ්ඩුව රැකගන්න මරන්නත් මැරෙන්නත් ලක්ෂයක් වුවත් මරන්න සූදානම් බව පවසන බවයි. ඝාතනය නොව මිනිසා ජීවත් කරවීම ආණ්ඩුවේ වගකීම බව පෙන්වා දුන් විපක්ෂ නායක වරයා විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගතකරණය විය යුත්තේ 23000 රැකියා ආරක්ෂා කර ගෙන බවද ආණ්ඩුවට පසක් කරනු ලැබීය. 

පසුගිය දා අයි.එම්.එෆ් එක හමුවූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය පෙන්වා දුන්නේ මේ ප්‍රතිව්‍යුගතකරණය විය යුත්තේ රැකියා ආරක්ෂා කර ගෙන බවද මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න