අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදුලි වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩුවෙන් පහර දීම ගැන පරීක්ෂණයක් වහා පවත්වනු..!

විදුලි වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩුවෙන් පහර දීම ගැන පරීක්ෂණයක් වහා පවත්වනු..!

විදුලි සේවක අයිතිය වෙනුවෙන් අමත්‍යවරයා සමඟ සාකච්ඡා කළ විදුලි වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩුවෙන් පහර දීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි විදුලි බල මණ්ඩලය තුළ සජබ වෘත්තීය සමිතියක් නෑ. තව දුරටත් බොරු…

විදුලි සේවක අයිතිය වෙනුවෙන් අමත්‍යවරයා සමඟ සාකච්ඡා කළ විදුලි වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩුවෙන් පහර දීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි

විදුලි බල මණ්ඩලය තුළ සජබ වෘත්තීය සමිතියක් නෑ. තව දුරටත් බොරු වපුරන්න එපා 

- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට අනතුරු අඟවයි -

පසුගිය දිනක විදුලි බල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ජාතික නිදහස් සේවක සංගමයේ වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් සිදු වූ බවත් එහි දී එම සංගමයේ ලේකම් වන සමින්ද ගමගේ මහතාට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට අමතරව එම සේවක සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ප්‍රියන්ත මධුකුමාර මහතා කාමරයක දමා හිරකර ඔහුගේ දුරකථනයේ තිබූ දත්ත මකා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බල මණ්ඩලයේ 23000ක් සේවක සේවිකාවන් වෙනුවෙන් පසුගිය කාලයේ මහපාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණ බවත් එදා කම්කරු අයිතිය සේවක අයිතිය වෙනුවෙන් රාජ්‍ය ආයතන සුරක්ෂා කිරීම වෙනුවෙන් සේවකයන් මහපාරට බැස්සවූ වත්මන් රජයේ මන්ත්‍රිවරු අද වෘත්තීය සමිති සාමාජිකයන්ට පහර දෙන බවත් එය අනීතික ක්‍රියාවලියක් බවත් මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදුලි බල මණ්ඩලය තුළ සමගි ජන බලවේගයේ වෘත්තීය සමිතියක් නොමැති බවත් එවැනි අසත්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න