අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදුලි බිල සියයට 18කින් වැඩි කළේ ජනතාව ගැන කිසිම කැක්කුමක් නැති නිසයි

විදුලි බිල සියයට 18කින් වැඩි කළේ ජනතාව ගැන කිසිම කැක්කුමක් නැති නිසයි

රුපියල් බිලියන 31ක පාඩුවක් මග හරවා ගැනීමටයැයි පවසමින්, කිසිදු හිතක් පපුවක් නොමැතිව දත්තයක් විමර්ශනය නොකොට විදුලි බිල 18% කින් වැඩි කිරීම ජනතාව තව තවත් පීඩාවට පත් කිරීමක් යැයි විපක්ෂ නායක සජිත්…

රුපියල් බිලියන 31ක පාඩුවක් මග හරවා ගැනීමටයැයි පවසමින්, කිසිදු හිතක් පපුවක් නොමැතිව දත්තයක් විමර්ශනය නොකොට විදුලි බිල 18% කින් වැඩි කිරීම ජනතාව තව තවත් පීඩාවට පත් කිරීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

විදුලි බිල වැඩි කිරීම ගැන මහ ජන අදහස් ලබා ගැනීමට පවා කැඳවීමක් සිදු කර ඇති මොහොතක කිසිදු දත්තයක් විමර්ශනය නොකොට, මෙලෙස හතර වැනි වරටත් විදුලි ගාස්තු වැඩි කිරීම මහ ජන උපයෝගීතා කොමිසම අනීතිකව ඔවුන්ගේ පනත් පවා උල්ලංඝනය කරමින් සිදු කරන්නේ බරපතල වරදක් යැයි ද ඔහු චෝදනා කර සිටියි.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ප්‍රශ්නකර සිටියත්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමට විදුලි බල ඇමතිවරයා පර්ලිමේන්තුවේ  නොසිටියේ යැයි ද, එමගින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමක් සිදුව ඇතැයි ද පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා  මෙලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහිව නියෝගයක් ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කියා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදුලි බිල සියයට 18කින් වැඩි කළේ ජනතාව ගැන කිසිම කැක්කුමක් නැති නිසයි | Lanka Newsweek