අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විදුලි ගාස්තු සංශෝධනයෙන් දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට ජනපතිගෙන් සහන

විදුලි ගාස්තු සංශෝධනයෙන් දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට ජනපතිගෙන් සහන

මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ…

මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ වගකිවයුතු නිලධාරීන්ට බ්‍රහස්පතින්දා  (16) උපදෙස් දුන්නේය.

ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දීම වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

2023 ජනවාරි 05 වන දින කැබිනට් අනුමැතිය ලද ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ගාස්තු සංශෝධන යෝජනාවට බදාදා (15) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL ) අනුමැතිය හිමි විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
විදුලි ගාස්තු සංශෝධනයෙන් දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට ජනපතිගෙන් සහන | Lanka Newsweek