විදුලිය කැපීම විශාල පාඩුවක් - රවී පහදයි

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වනු ලැබුවේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව ඉතා ඉක්මනින් විදුලි…
හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අද (13) මාධ්‍ය හමුවක් කැඳවමින් වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වනු ලැබුවේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුව ඉතා ඉක්මනින් විදුලි අර්බුධය විසඳිය යුතු බවයි. එම මාධ්‍ය හමුව පහත පරිදි වේ.
විදුලි බල මණ්ඩලය සම්බන්ද කාරනය තමයි මම ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ. මේ අවස්තාවේ විදුලිබල මණ්ඩලයෙන් ලැබිල තියන උත්තරය ගැන සතුටු වෙන්න බැ. මං හිතන්නේ මෙි වගේ දෙයක් උනාම ඒකට මුහුණ දෙන්න මණ්ඩලය සුදානමකින් ඉදල නැ. අහින්සක පාරිභෝගිකයා සති දෙකක් බිල ගෙවුවෙ නැති උනාම විදුලිය අවහිර කරනව. ඒත් මෙි වගේ දෙයක් උනාම කවුද කතා කරන්නේ ඔවුන් වෙනුවෙන්.
ඊළඟට ගත්තම වී මිල පිළිබඳව ගත්තම ඒ අය විපක්ෂයේ කතා කරපු එක නෙමෙයි දැන් කියන්නේ. හොඳම විදිය තමයි මේ ගැන තරගකාරි තත්වයක් ඇති කරන එක. එහෙම කරල තමයි පාරිභෝගිකයා රැක ගන්න පුළුවන් වෙන්නේ.
දැන්වීම
අපි බලාගන ඉන්නේ අය වැය මගින් කොහොමද මෙි පඩි වැඩි කරන්නේ, සහන දෙන්නේ කියල. ජේෂ්ඨ පුරවැසියන්ට අපි ඒ කාලේ දිරිගැන්වීමක් ලෙස දීමනා දුන්න. ණය දීමෙි ප්‍රතිපත්තියට මෙික ඉතාම වැදගත් කාරණයක්.
මෙි වෙලාවෙි ආර්ථිකය ප්‍රසාරනය කරන්නේ කොහොමද කියල තාම කතා නැ. මම එදා කිවුව දල දේශිය ආදායමෙන් 15% රජයේ ආදායම ගන්න ඕනේ කියල. දැන් ඒක තමයි මල්‍ය අරමුදලත් කියල තියෙන්නේ. මෙි රට හෙට හැදෙන්නේ අද කරන ආයෝජන මගින්.
තරැණ තරැණියෝ බලාගෙන ඉන්නේ ඒ අය කොහොමද ආර්ථිකයට ආයක වෙන්නේ කියල.
අද පොලී අනුපාතය ඉහල ගිහින්, ජලය ඉහල ගිහින්, බදු ඉහල ගිහින්, අපි තරග කරන්නේ තත්ව දෙක්කට. මෙිවගේ විදේශීය ගමනක අපි පුළුවන් තරම් ණය ගෙවන්න බලන්න ඔනි. අපේ ආයෝජන දිරි ගැව්වීම අය වැය එක්ක එන්නේ කොහොමද බලමු.
ඔබ තුමාට ඒ කාලේ කිවුවේ රවී කරැවල නායක කියල. දැන් මොකද ඒ ගැන කියන්නේ?
මම එනකොට කපන්න තිබුන එන නැවැත්තුව .මෙතන කලමනාකරනේ ප්‍රස්න තියෙන්නේ. මෙතන විහිලු කරන් නැතුව ඒ අය උත්තර දෙන්න ඕනේ.
විදුලිය කප්පාදුව රටට බලපාන් නැද්ද?
මේක රටට විශාල පාඩුවක් .එක්සත් ජාතික පක්ෂය ගත්ත හැම කාලෙකම විදුලි ප්‍රස්නෙ නැති කරා. දනුට් ඒක තමයි කරන්න ඕනේ.
ඔබ තුමාලගෙ යහ පාලන ආණ්ඩුවේ දින 100 සහ මෙි ආණ්ඩුවෙි දින 100 ගැන මොකද කියන්න තියෙන්නේ?
අපි පොරොන්දු 100ක් දීල 91 ක්‍රියාත්මක කරා. දැන් ජනතාව බලාගන ඉන්නව මේ අය දුන්නු පොරොන්දු ඉටු කරනකං.
එක්සත් ජාතික පක්ෂයේ සමගි සාකච්චා කොහොමද ?
මෙතන එකමුතුකම නැති කරන්න කීප දෙනෙක් කටයුතු කරනව. මෙතන ගරැත්වයක් සහිතව කටයුතු කරනව මිසක් බලෙන් කරන එකන් නෙමෙයි වෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහට පසුව මම තමයි ඉන්න ජේෂ්ඨතම පුද්ගලය. අපි UNP කාරයෝ නෙමෙයිද? මම පුදුම උනා තලතා එහෙම කතා කරපු එක ගැන. අපි එකට වැඩ කරන තත්වය උදා කරන්න ඕනේ. විනය පරික්ෂණ කරන්න කියන්න අද එක්සත් ජාතික පාක්ෂිකයන් අද පක්ෂය වටා එකතු කරල තියෙනව. අහන අය කියන්නේ රනිල්ට පස්සේ රවී කියල. මම මේක කියන්නේ මෙතන ඉන්න චන්දෙ නොදුන්න අලි ටිකට. එන්න අපි එකතු වෙමු.
දැන් වාහන ආනයනය ගැන ඔබ තුමා මොකද කියන්නේ?
මම ජනතාව වෙනුවෙන් තමයි ඉන්නේ. මම කිවුවේ මෙි විවෘර්ත කිරීම රැපියල දෙදරන් නැති විදිහට තමයි කරන්න ඔනි කියන එක. මෙික දෙදරවුවොත් ප්‍රශ්නයක් වෙනව. ආර්ථිකයට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඔනි. මම කියන්නේ සමස්ත රටක් වශයෙන් අපි හරි දේ මිසක් ප්‍රසිද්ද දේ නෙමෙයි කරන්න ඕනේ.