විදුලිබල ඉංජිනේරුවන් අකුරට වැඩ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි. ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන…
(නිලන්ති චන්ද්‍රසේන)
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින්නුයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබ්න්නේ.
කෙසේ වෙතත් එහි සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් නොවන් අතර තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් මෙම අකුරට වැඩ කිරීමේ ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක කරන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම සදහා අනුමැතිය ලබා ගැනීමට අද එය (09) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1