වික්ටෝරියා ජලාශය අවට හුණුගල් කැණීම් නවතයි..!

(හේමන්ත තුසිත කුමාර) වික්ටෝරියා ජලාශය ආසන්නයේ මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය හුණුගල් කැණීම් සිදුකල ස්ථාන සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන ඇත. එලෙස මහ…
(හේමන්ත තුසිත කුමාර)
වික්ටෝරියා ජලාශය ආසන්නයේ මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වා ගෙන ගිය හුණුගල් කැණීම් සිදුකල ස්ථාන සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන ඇත.
එලෙස මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන 03ක් සහ තවත් කැණීම් කළ ස්ථාන කිහිපයක කැණීම් බලපත්‍ර තහනම් කර ඇත .
වික්ටෝරියා ජලාශය අවට පසුගිය කාලයේ භූ කම්පන රැසක් ඇති වූ අතර ඊට ප්‍රධානතම හේතුව ලෙස එම හුණුගල් කැණීමේ ස්ථාන හඳුනා ගෙන ඇත. පසුව මෙම භූ චලනයන් ඇතිවීමට හේතු සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කළ අතර එම කමිටු නිර්දේශ මත මෙම පියවර ගත් බව එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේය .