අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වික්ටර් රත්නායකයන්ගේ බිරිය අත්අඩංගුවට..!

වික්ටර් රත්නායකයන්ගේ බිරිය අත්අඩංගුවට..!

(උපුල් බණ්ඩාර) රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිය වන හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මිය මාතර,තංගල්ල පොලීසිය මගින් අද (09) දහවල් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ…

(උපුල් බණ්ඩාර)

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිය වන හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මිය මාතර,තංගල්ල පොලීසිය මගින් අද (09) දහවල් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී සිදු කළේ යැයි කියන රත්‍රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බව තංගල්ල පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

දැන්වීම

පසුගිය 2012/11/14  දින සිට 2016/04/22  දක්වා වූ කාලය ඇතුලතදී ඇය අදාළ රාජ්‍ය  බැංකුවේ සේවය කරමින් සිටියදී  සිදු වූයේ යැයි කියන එම  රුපියල් 9,89,000 ක රන් භාණ්ඩ වංචාව සම්බන්ධයෙන් යට එරෙහිව මේ පැමිණිල්ල කර තිබෙන්නේ  එම බැංකුවේ කළමනාකරු විසිනි.

ඒ අනුව නීතීඥයකු මාර්ගයෙන් ඇය අද (09) දහවල්  තංගල්ල පොලිසීයට භාර වූ අවස්ථාවේදී පොලීසිය මගින් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මෙසේ භාර නොවුයේ නම් ඇය සඟවා තබා ගැනීමේ චෝදනාව මත ඇයගේ සැමියා වන ප්‍රවීණ ගයන ශිල්පී වික්ටර් රත්නායක මහතා ද  අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබූ බවත පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

මේ  වංචාව සම්බන්ධ සිද්ධිය පොලිසියට වාර්තාවී ඇත්තේ මීට අවුරුදු  එකහමාරකට පමණ ඉහතදී වුවත් බලධාරීන් රුපියල් ලක්ෂ ගණනාවක අල්ලස් ගෙන මේ සිද්ධිය යට ගසා තිබී අති අතර ඒ සම්බන්ධයෙන් ද මේ වන විට විශේෂ  පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වික්ටර් රත්නායකයන්ගේ බිරිය අත්අඩංගුවට..! | Lanka Newsweek