වැලිගම පොහොට්ටුව පරවෙයි-මහින්ද පරල වෙයි

(සුජිත් මංගල ද සිල්වා) මාතර,වැලිගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව භාර දුන් නාම යෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. නිසි බලයලත් නියෝජිතයා විසින් අදාළ නාම යෝජනා…
(සුජිත් මංගල ද සිල්වා)
මාතර,වැලිගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව භාර දුන් නාම යෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
නිසි බලයලත් නියෝජිතයා විසින් අදාළ නාම යෝජනා පත්‍රය භාර නොදීම මත මේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි අප මාතර වාර්තාකරු පවසයි.
දැන්වීම
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආසනය භාරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මැතිවරණ සහ දේශපාලන මෙහෙයුම් සිදු වන්නේ මාතර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා යටතේය.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා දැඩි කලබලයට සහ කෝපයට පත්ව සිටින බව ද ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සොහොයුරාය.