අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

CID ලොක්කාගේ නැගණිය යළි රිමාන්ඩ්

(නිලන්ති චන්ද්‍රසේන) වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුලු 9 දෙනෙකු ඊයේ (16) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 11 වන දා වැලිගම පොල්අතු මෝදර පාලම විවෘත කිරීමේ උත්සවයේදී පොලීසියේ රාජකාරියට…

(නිලන්ති චන්ද්‍රසේන)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුලු 9 දෙනෙකු   ඊයේ (16)  රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 11 වන දා වැලිගම පොල්අතු මෝදර පාලම විවෘත කිරීමේ උත්සවයේදී  පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (16)  රාත්‍රියේ නීතිඥයෙකු මාර්ගයෙන් මෙම පිරිස  පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි  ඔවුන්  මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සැකකරුවන් අද (17) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට | Lanka Newsweek