වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන්…
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, මහෝපාධ්‍ය, පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් බදාදා(27) රාත්‍රියේ අපවත් විය.ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවමින්, ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සම්බුද්ධ ශාසනයට අනුපමේය මෙහෙයක් ඉටු කළ කුසලධම්ම නාහිමියන්ගේ දේහය බ්‍රහස්පතින්දා(28) සිට මහජන ගෞරවය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1