අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වැන්දඹු මවකගේ ජීවන අරගලය..!

වැන්දඹු මවකගේ ජීවන අරගලය..!

උදාවුණ දවස කුසුම්ට නම් තවත් එක් සාමාන්‍ය දවසක් විය. වෙනදා මෙන් ඉර උදාවට ප්‍රථමයෙන් අවදි වුණු ඇය ගෘහණියකගේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කළේ මුළුතැන් ගෙයිනි. මොහොතකින් කුසුම්ගේ සැමියා ද එතැනට…

වැන්දඹු මවකගේ ජීවන අරගලය..!උදාවුණ දවස කුසුම්ට නම් තවත් එක් සාමාන්‍ය දවසක් විය. වෙනදා මෙන් ඉර උදාවට ප්‍රථමයෙන් අවදි වුණු ඇය ගෘහණියකගේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කළේ මුළුතැන් ගෙයිනි. මොහොතකින් කුසුම්ගේ සැමියා ද එතැනට ආවේය. කුසුම් මුළුතැන් ගෙයට පිවිස රාජකාරී ආරම්භ කරන මොහොතේ ඉවෙන් මෙන් දැනගන්නා ඔහුගේ නෙත උදෑසනම විවර වන්නේ ඉබේටමය. මෙදින තවත් එක් අභිරහස්‍යමය සිදුවීමක් වන බව කුසුම් නොදත්තේය. ගොදුරකට මඟ රැකගෙන සිටිනා මෘගයන් කිහිප දෙනකු මෙන් මිනිස් කණ්ඩායමක් කුසුම්ගේ සැමියා නිවසෙන් එළියට එනතරු බලා සිටියේය. ඔවුන් කවුදැයි කිසිවකු හෝ හඳුනා ගත නොහැකිය. බියකරුය. මෙසේ ඉව අල්ලමින් සිටින්නේ    කුසුම්ගේ සැමියා පැහැර ගන්නටය.වැන්දඹු මවකගේ ජීවන අරගලය..!

දඩයක්කාරයින්ගේ හෝරාව පැමිණියේය. කුසුම්ගේ සැමියා නිවසින් එළියට බටහ. ක්ෂණයකින් ඔහුව වට කරගත් මැරයින් ඔහුව පැහැරගෙන පළා ගියහ. එතැන් පටන් පැය කිහිපයක් ඔහු ගැන කුසුම්ට ආරංචි නොවිණ. ඇය ගත කළේ තුෂ්නිම්භූත වූ දිවියකි. ඊළඟට පැමිණියේ ඇය බලාපොරොත්තු නොවුණ ආරංචියකි.

වැන්දඹු මවකගේ ජීවන අරගලය..!

ඒ කුසුම්ගේ සැමියා ඝාතනය කොට ඇති බවය. දරුවන් අට දෙනකු සමඟ කුසුම් වැන්දඹුවක් බවට පත් විය. ඒ නැගෙනහිර පළාතේ දුෂ්කර ගමකි. බොහෝවුන් නුගත් ගැමියෝය. මේ අය අතර කුසුම් තම ජීවන අරගලය පටන් ගන්නීය. ඇගේ වැඩිමහල් දියණිය වාසනාය. වාසනාව ඇගේ නමට පමණක් සීමා විය. ඇය තම මවට ජීවන යාත්‍රාව පැද යන්නට වෙර දෙන්නියක් බවට පත් විය. ඔවුන් දහසකුත් කම්කටුලු මැද ජීවිත අරගලය ගෙන යා යුතුය. එය පහසු කටයුත්තක් නොවේ. පෙනෙන මරුන් පමණක් නොව නොපෙනෙන රුපුන් ද ජීවිතය ඩැහැ ගන්නට වටලා සිටිති. දැවෙන විහඟුන් පියාඹන්නේ කෙසේද? ජාත්‍යන්තර සම්මාන දිනූ දැවෙන විහඟුන් සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමා කෘතියයි. ආන්දෝලනාත්මක සිනමාපටයක් වන ඉඟිලෙන මාළුවෝ සංජීව පුෂ්පකුමාරගේ මුල්ම අධ්‍යක්ෂණයකි. ජාත්‍යන්තර කීර්තියට පත් සිනමාකරුවකු දේශීය සිනමා ලෝකයට අවතීර්ණ වනුයේ මෙමඟිනි.

වැන්දඹු මවකගේ ජීවන අරගලය..!වැන්දඹු මවකගේ ජීවන අරගලය..!

දැවෙන විහඟුන් හැඩ කරන නළු නිළියන්:

වැන්දඹු මවකගේ ජීවන අරගලය..!මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාමි ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක

නිෂ්පාදන පිරිවර:

කැමරා අධ්‍යක්ෂණය - කාලිංග දේශප්‍රිය ඇඳුම් නිර්මාණය - අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂණය - පියතිස්ස අකුරම්බොඩ අංග රචනය - ප්‍රියන්ත දිසානායක සංස්කරණය - අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනා වර්ණ සංයෝජනය - එළි අකෝකා ශබ්ද පරිපාලනය - ප්‍රියන්ත කළුආරච්චි සමඟ නිකොලා දා හලින් සහාය අධ්‍යක්ෂණය - අරුණ තිලකරත්න දෙවන සහාය අධ්‍යක්ෂණය - නිරෝෂන් එදිරිමාන්න නිෂ්පාදන කළමනාකරණය - හැරල්ඩ් කරුණාතිලක

දැවෙන විහඟුන්, ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයක් වන අතර ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය මෙරට නිෂ්පාදකවරුන්ය.

වැන්දඹු මවකගේ ජීවන අරගලය..!වැන්දඹු මවකගේ ජීවන අරගලය..!වැන්දඹු මවකගේ ජීවන අරගලය..!

 (ප්‍රසාද් සමරතුංග-සරසවිය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
වැන්දඹු මවකගේ ජීවන අරගලය..! | Lanka Newsweek