වැඩ බලන ජපාන තානාපති වැඩ බලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමු වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති කොතාරෝ කට්සුකි මහතා වැඩ බලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අඟහරුවාදා (20) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය. උණුසුම් පිළි…
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති කොතාරෝ කට්සුකි මහතා වැඩ බලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අඟහරුවාදා (20) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.
උණුසුම් පිළි ගැනීමකින් අනතුරුව අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් මහතා කොතාරෝ කට්සුකි මහතා සමඟ ද්විපාර්ශීකව වැදගත් වන සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.
දෙරට අතර පවතින සමීප සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳව ද ඔවුහු වැඩි දුරටත් සාකච්ඡා කළහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1