අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වැඩ කරන ජනතාවගේ අරමුදල් කොල්ල කෑ එකම රට ශ්‍රී ලංකාවයි

වැඩ කරන ජනතාවගේ අරමුදල් කොල්ල කෑ එකම රට ශ්‍රී ලංකාවයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ලෝකයේ කිසිම රටක් එසේ කළේ නැහැ විපක්ෂයේ සියලු දෙනා වැඩ කරන ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතුයි වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් කොල්ල කමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ…

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ලෝකයේ කිසිම රටක් එසේ කළේ නැහැ 

විපක්ෂයේ සියලු දෙනා වැඩ කරන ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතුයි 

වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් කොල්ල කමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ එකම රට ලෙස ශ්‍රී ලංකාව ලෝක  වාර්තාවක් තබා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදන කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී සිකුරාදා (06) වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. 

ලෝකයේ බොහෝ රටවල් IMF එකත් සමඟ ගනුදෙනු කර ඇති නමුත් ඒ කිසිදු රටක් සිය රටේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ දී කිසිදු අවස්ථාවක වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල්වලට හානියක් සිදු කර නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රධාන රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට, සුපිරි කොටිපතියන්ට, ධනවතුන්ට සහ බැංකුවලට සහන ලබා දෙමින් වැඩ කරන ජනතාවගේ ඉතිරි කිරීම් සහ අරමුදල් කොල්ල කා ඇති බවට චෝදනා කළ සජිත් ප්‍රේමදාස මහතා වැඩ කරන ජනතාවගේ අරමුදල් එසේ කොල්ල කෑ ආණ්ඩුව එසේ නොකළ බව කියමින් විහිළු සපයන්නේ යැයි ද, විපක්ෂයක් ලෙස සැවොම වැඩ කරන ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු යැයි ද අවධාරණය කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වැඩ කරන ජනතාවගේ අරමුදල් කොල්ල කෑ එකම රට ශ්‍රී ලංකාවයි | Lanka Newsweek