අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වාහන ආනයනයට අවසර දෙන වාර්තාව ලබන මාසයේ

වාහන ආනයනයට අවසර දෙන වාර්තාව ලබන මාසයේ

වාහන ආනයනයට යළි අවසර දීම පිළිබඳව පත් කළ කමිටුවේ වාර්තාව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු මේ බව සඳහන්…

වාහන ආනයනයට යළි අවසර දීම පිළිබඳව පත් කළ කමිටුවේ වාර්තාව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, (ජූලි 10) පාර්ලිමේන්තුවේදී ය.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම් දීලා තියෙනවා අපි අගෝස්තු මාසයෙන් පස්සේ යම් අනුපිළිවෙලකට පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපභෝගී වාහන වැඩපිළිවෙලක් හදනවා කියලා. ඒ අනුව, මේ කමිටුව ජූලි මාසේ 4 වන දා රැස් වුණා. ඒ කමිටුව අමාත්‍ය මණ්ඩලයට මාසයක්, ඇතුළත අගෝස්තු මාසේ දෙවන සතිය වෙන කොට ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි සුවිශේෂී අනුපිළිවෙලක් ඇතුව මේ කටයුත්ත නැවත ආරම්භ කරන්න”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න