අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයෝ තිදෙනෙක් පත් කෙරේ

ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයෝ තිදෙනෙක් පත් කෙරේ

අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්…


අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන  ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ  ආචාර්ය  දිනේෂා සමරරත්න යන අය පත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ  (1)  අනු ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය  සහ විරුද්ධ පක්ෂයේ නායක යන දෙදෙනාගේම නාමයෝජනා මත මෙම තිදෙනා නම් කරන බවද  කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ  නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

දැන්වීම

අගමැතිතුමා නම් තුනක් ඉදිරිපත් කළා. නමුත් න්‍යාය පත්‍රයේ තියෙන නම හැරුණු කොට මේ අය ගැන  අපි කිසිම විස්තරයක් දන්නේ නැහැ. මේ එක් එක් අය ගැන දළ විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඔබතුමාල නම් තුනක් ඉදිරිපත් කරලා අපෙන් සහය ඉන්නවා. මම හිතන්නේ ඒක  සාධාරණ නැහැ.  නැතුව කොහොමද ඒ නම්  අපි අනුමත කරන්නේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

ඔබතුමාට අපි ඒ විස්තර ලබා දෙන්නම්.

අනුර දිසානායක මහතා:

එතකොට මොකක්ද මෙතන වෙන්නේ. අනුමත කරල ඉවර වෙලා ද විස්තර දෙන්නේ.

කතානායක:

සාකච්ඡා වට කිහිපයක් පවත්වලා මේ ගැන එකඟත්වයක් ආවා. මේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා  සභාව හැකි ඉක්මනින්ම පත් කරන්න ඕන.

අනුර කුමාර දිසානායක මහතා:

එහෙනම් ඒ විස්තර පසුව ලබා දෙන්න.

කතානායක:

හොඳයි. පසුව ලබා දෙන්නම්.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයෝ තිදෙනෙක් පත් කෙරේ | Lanka Newsweek