අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ව්‍යවස්ථා විවාදයට අය- වැයෙන් පසුවත් කාලය දෙන්න කතානායක පියවරගනී.

ව්‍යවස්ථා විවාදයට අය- වැයෙන් පසුවත් කාලය දෙන්න කතානායක පියවරගනී.

(සුජිත් මංගල ද සිල්වා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් අතුරු කමිටු වාර්තාව පිළිබඳ අදහස් දැක්වීමට අය වැයෙන් පසුවත් මන්ත්‍රීවරුනට අවස්ථාව සැලසීමට කතානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබේ . ආණ්ඩුක්‍රම…

(සුජිත් මංගල ද සිල්වා)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  මෙහෙයුම්  අතුරු කමිටු වාර්තාව පිළිබඳ අදහස් දැක්වීමට අය වැයෙන් පසුවත් මන්ත්‍රීවරුනට අවස්ථාව සැලසීමට කතානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබේ .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් ව ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ මැති ඇමතිවරුන්ට අදහස් දැක්වීම සඳහා මුලින් වෙන්කර තිබූ දින තුනට අමතරව පසුගියදා තවත් දින දෙකක් වෙන්කිරීමට කතානායකවරයා තීරණය කළේ ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් තුළ තිබූ විශාල උනන්දුව හේතුවෙනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත  පිළිබඳව පස්වන දිනටත් විවාද කිරීමෙන් පසුව   පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ තවදුරටත් අදහස් දැක්වීමට මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටීම පිළිබඳ ව අවධානය යොමු කළ කතානායක කරු ජයසූරිය මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් සමග  සාකච්ඡා කර මේ පියවර ගෙන තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ව්‍යවස්ථා විවාදයට අය- වැයෙන් පසුවත් කාලය දෙන්න කතානායක පියවරගනී. | Lanka Newsweek