අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ව්‍යවස්ථාව විවාද කාලය දිගු කිරීමට කරු තීරණය කරයි

ව්‍යවස්ථාව විවාද කාලය දිගු කිරීමට කරු තීරණය කරයි

(සුජිත් මංගල ද සිල්වා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිලිබද විවාද කාලය තව දුරටත් දීර්ඝ කිරීමට කථානායක කරුජයසූරිය තීරණය කර ඇත. ඒ අනුව අද දිනය සහ එළඹෙන සතියේ අයවැය විවාදය ආරම්භ වීමට…

(සුජිත් මංගල ද සිල්වා)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිලිබද විවාද කාලය තව දුරටත් දීර්ඝ කිරීමට කථානායක කරුජයසූරිය තීරණය කර ඇත.   ඒ අනුව අද දිනය සහ එළඹෙන සතියේ අයවැය විවාදය ආරම්භ වීමට පෙර තවත් දිනයක් ඒ සදහා වෙන් කිරීමට නියමිතය.

පසුගිය දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුල ඉතා වැදගත් අදහස් රැසක් ඉදිරිපත් වූ අතර, ඒ පිළිබදව ජනමාධ්‍යන්හි ද පුළුල් අවධානයක් යොමුව තිබිනි. මෙම විවාදයේ දී අදහස් පළ කිරීමට සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් තුල දැඩි උනන්දුවක් පවතින අතර,  ගෙවී ගිය දින දෙක තුල මන්ත්‍රීවරු ගණනාවක්ම මෙහිදී අදහස් දැක්වීමට තමන්ට ප්‍රමාණවත් කාලයක් වෙන් කරන ලෙස කථානායකවරයා අමතමින් ඉල්ලා සිටියහ. සෑම මන්ත්‍රීවරයෙක් තුලම ඇති මෙම උනන්දුව අගය කළ කථානායකවරයා රට වෙනුවෙන් ඉතා තීරණාත්මක කරුණක් සාකච්ඡාවට ගැනෙන අවස්ථාවක සක්‍රීයවම ඊට මැදහත් වී පක්ෂව හෝ විපක්ෂව අදහස් දැක්වීම මහජන නියෝජිතයන් ලෙස සිය වගකීම ඉටු කිරීමක් බවත් පෙන්වා දුන් අතර,  සියළු දෙනාටම පාර්ලිමේන්තුව තුල අදහස් දැක්වීමට ඇති අයිතිය තහවුරු කරමින් අවශ්‍ය කාලය ලබා දෙන බවට සහතික විය. මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේ වීදි සටන් සදහා හයිඩ්පාක්, ලිප්ටන් වට රවුම වැනි ස්ථාන තෝරා ගැනීමට වඩා මහජන නියෝජිතයන් සිය මතය දැක්වීමට පාර්ලිමේන්තු සභා ගර්භය තෝරා ගැනීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද විශ්වාසය තහවුරු වීමක් බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ව්‍යවස්ථාව විවාද කාලය දිගු කිරීමට කරු තීරණය කරයි | Lanka Newsweek