“ව්‍යවස්ථාවට අනුව වැඩ නොකළොත් ජනපතිට වැඩ වරදියි”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මහා මැතිවරණයක් අවශ්‍ය නම් නීත්‍යානුකුල ආණ්ඩුව සක්‍රීය කරනු..! රජයේ නිලධාරීන් ප්‍රවේසම් විය යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති ඇමැති ලෙස කාඩ් බෝඩ් පුවරු ඔසවා…
මහා මැතිවරණයක් අවශ්‍ය නම් නීත්‍යානුකුල ආණ්ඩුව සක්‍රීය කරනු..!
රජයේ නිලධාරීන් ප්‍රවේසම් විය යුතුයි..!
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති ඇමැති ලෙස කාඩ් බෝඩ් පුවරු ඔසවා ගෙන ගිය අය වහාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව දැන්වත් වැඩ කළ යුතු යැයි එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණට බව තේරුම් ගෙන නීත්‍යානුකුල අගමැතිවරයා යටතේ නීත්‍යානුකුල ආණ්ඩුව පිහිටුවා අවශ්‍ය නම් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක යෝජනා සම්මතයකින් මහ මැතිවරණයකට යා හැකි යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ අරලිය ගහ මන්දිරයේ අඟහරුවාදා (04) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නොහැකි කිසිවකුට තනතුරුවල සිටීමට අයිතියක් නැති බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී තිබෙන බව හොඳින් සිහි තබා ගත යුතු බවද සඳහන් කළේය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව නොයෙක් ක්‍රියා කරන්නැයි කියන අය ව්‍යවස්ථා විරෝධීන් ලෙස පිළිගත යුතු බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා නීතිය අනුව ක්‍රියා කරන්න යැයි රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1