අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වහාම ක්‍රියාත්මක වන පරිදි කතානායක හෙටම පාර්ලිමේන්තුව කැඳවයි..!

වහාම ක්‍රියාත්මක වන පරිදි කතානායක හෙටම පාර්ලිමේන්තුව කැඳවයි..!

පාර්ලිමේන්තු සැසියට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්..! (සුජිත් මංගල ද සිල්වා) වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුව කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. මේ අතර…

පාර්ලිමේන්තු සැසියට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්..!

වහාම ක්‍රියාත්මක වන පරිදි කතානායක හෙටම පාර්ලිමේන්තුව කැඳවයි..!

(සුජිත් මංගල ද සිල්වා)

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුව කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.

මේ අතර කතානායක කරු ජයසූරිය මහතා හෙට පෙරවරු 8.30 ට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නායකන්ගේ විශේෂ රැස්වීමක් ද කැඳවා ඇති අතර ඒ පිළිබඳව  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුවත් කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් හත්  වැනිදා දක්වා බලපැවැත් වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් අනතුරුව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තීරණයකට එළැඹෙනු ඇත.

මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ විශේෂ නිවේදනය මෙසේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි කතානායක හෙටම පාර්ලිමේන්තුව කැඳවයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වහාම ක්‍රියාත්මක වන පරිදි කතානායක හෙටම පාර්ලිමේන්තුව කැඳවයි..! | Lanka Newsweek