අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වහලුන් වගේ ජීවත් වනවා ද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුයි

වහලුන් වගේ ජීවත් වනවා ද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුයි

මරණාධාර සමිතියේ සිට සියලුම ආයතනවල බලය ඇල්ලීමට ජනපති කුමන්ත්‍රණය කරනවා ඒ ඔහුගේ ඒකාධිපති-ආඥාදායක සිහිනය වෙනුවෙන් -ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා- මරණාධාර සමිතියේ සිට අධිකරණ පද්ධතිය ප්‍රධාන රටේ සියලුම…

මරණාධාර සමිතියේ සිට සියලුම ආයතනවල බලය ඇල්ලීමට ජනපති කුමන්ත්‍රණය කරනවා

ඒ ඔහුගේ ඒකාධිපති-ආඥාදායක සිහිනය වෙනුවෙන්

-ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා-

මරණාධාර සමිතියේ සිට අධිකරණ පද්ධතිය ප්‍රධාන රටේ සියලුම ඉහළ ආයතවල බලය සිය අතට ගෙන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයක් රටේ ඇති කිරීමට ජනපතිවරයා ප්‍රධාන රජය සූක්ෂම ලෙස කුමන්ත්‍රණය කරමින් සිටිනවා යැයි ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා චෝදනා කර සිටියේය.

ඔහු මේ බව පැවසුවේ, කොළඹ පදනම් ආයතනයේ ඉරිදා (19) පැවති මර්දනයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා වන පුළුල් මහා ජන කතිකාවට එක් වෙමින් එම මහා ජන කතිකාවත විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.  

ආර්ථික අර්බුදය සහ සෞඛ්‍ය ප්‍රශ්න හමුවේ එදා වේල සොයා ගැනීමට නොහැකිව ජනතාව අන්ත අසරණ වී සිටිය දී ඒ ප්‍රශ්නවලට විසඳුම් නොදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනා අධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ ධූර කාලය ගැන ප්‍රශ්නයක් ඇති කර තිබෙනවා යැයි ද ඔහු පැවසීය.

දැන්වීම

ජනාධිපති ප්‍රධාන රජය මෙසේ කරන්නේ සිය ඒකාධිපති-ආඥාදායක සිහිනය සැබෑ කර ගැනීම සඳහා බලතල තිබෙන පුද්ගලයින් සහ ආයතන තමා යටතේ තබා ගත යුතු නිසා යැයි ද ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.   

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනා අධිකරණ විනිසුරුවන්ගේ පමණක් ධූර කාලය දීර්ඝ කරන්න යන්නේ ඒ අයගේ පමණක් ආයු කාලය සහ මොළයේ ධාරිතාවය වැඩි වී පහළ අධිකරණ විනිසුරුවන්ගේ සේම රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ගේ ආයු කාලය සහ මොළයේ ධාරිතාවය අඩු වී ඇති නිසා දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

නැව ගිලුනාට පසුව හඬා වැළපී පළක් නොමැති නිසා ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව රටේ ඇති කිරීමට යන මේ මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයට එරෙහිව සියලු එකට ඒකරාශී වී දිවි පරදුවට තබා සටන් කළ යුතු යැයි ද ශ්‍රීනාත් පෙරේරා මහතා අවධාරණය කළේය.

එසේ නොකර වහලුන් වගේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටිනවා ද නොඑසේ නම් රට සහ අනාගත දූ දරු පරපුර වෙනුවෙන් ඒකාධිපති-ආඥාදායක පාලනයකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරනවා ද යන්න පිළිබඳව ඔබ තීරණය කළ යුතු යැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.  
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න