අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වසර 50කට පසු සහරා කතරට ගංවතුර

වසර 50කට පසු සහරා කතරට ගංවතුර

උතුරු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම තුන්වැනි කාන්තාරය ලෙස සැලකෙන සහරා කාන්තාරය වසර 50කට පසු පළමු වරට ගංවතුරට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු අප්‍රිකාව පුරා වර්ග කිලෝමීටර් අනූදෙලක්ෂයකට…

උතුරු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම තුන්වැනි කාන්තාරය ලෙස සැලකෙන සහරා කාන්තාරය වසර 50කට පසු පළමු වරට ගංවතුරට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු අප්‍රිකාව පුරා වර්ග කිලෝමීටර් අනූදෙලක්ෂයකට අධික වපසරියක විහිදී ඇති සහරා කාන්තාරයට මේ අනපේක්ෂිත ගංවතුර තත්ත්වය උද්ගත වී ඇත්තේ ගිනිකොනදිග මොරොක්කෝවට දින දෙකක් පුරා අඛණ්ඩව වර්ෂාපතනයක් ලැබීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මොරොක්කෝවේ අගනුවර වන රබාත් සිට කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටි ටගුනයිට් ගම්මානය ඇතුළු තවත් ගම්බද පළාත් රැසක් ජලයෙන් යටවූ බවත්, එක් දිනක් ඇතුළත ටගුනයිට් ගම්මානයට මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයක් ඇද වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මෙය ඉතා දුර්ලභ ගංවතුර තත්ත්වයක් වන අතර, මොරොක්කෝවේ කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත්තේ දශක ගණනාවකින් මෙවැනි වර්ෂාවක් දක්නට නොලැබුණු බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න