වසර මිලියන දෙකක එක දිගට වර්ෂාවක්..!

අද දවස් දෙක තුනක් එක දිගට වැස්සොත් අපිට එපා වෙනවා නේද..? එහෙනම් නිකමට හිතන්න, අවුරුද්දක් නෙවෙයි, අවුරුදු සියයක් නෙවෙයි... වසර මිලියන 2ක් එක දිගට වැස්සොත් මොනවා වෙයිද..? පුදුමයි වගේ හිතුනත්, පෘථිවි…
අද දවස් දෙක තුනක් එක දිගට වැස්සොත් අපිට එපා වෙනවා නේද..? එහෙනම් නිකමට හිතන්න, අවුරුද්දක් නෙවෙයි, අවුරුදු සියයක් නෙවෙයි... වසර මිලියන 2ක් එක දිගට වැස්සොත් මොනවා වෙයිද..?
පුදුමයි වගේ හිතුනත්, පෘථිවි ඉතිහාසයේ ඇත්තටම එහෙම කාලයක් තිබුණා..!
මොකක්ද මේ සිදුවීම..?
මෙය විද්‍යාඥයින් හඳුන්වන්නේ "Carnian Pluvial Event" ලෙසයි. මීට වසර මිලියන 232කට පමණ පෙර (ඩයිනෝසෝරයන්ගේ මුල් අවධියේදී) පෘථිවිය මත ධාරාණිපාත වර්ෂාව කඩින් කඩ නොවී, වසර මිලියන 2ක පමණ කාලයක් පුරාවටම පැවතුණා.
දැන්වීම
ඇයි මෙහෙම වුණේ..?
විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට මේ මහා වැස්සට හේතුව වුණේ අති විශාල ගිනිකඳු පිපිරීම් මාලාවක්. (වර්තමාන ඇලස්කාව සහ කැනඩාව ආශ්‍රිත ප්‍රදේශයේ). මෙම පිපිරීම් නිසා වායුගෝලයට අති විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් මුදා හැරුණු අතර, ඒ හේතුවෙන් පෘථිවිය වේගයෙන් රත් වීමට පටන් ගත්තා. සාගර ජලය වාෂ්ප වී, එය මහා වර්ෂාවක් ලෙස නැවත පෘථිවියට පතිත වුණා.
ඩයිනෝසෝරයන්ගේ රජ දහන ඇරඹුනේ මේ වැස්සෙන්..!
මේක තමයි කතාවේ රසවත්ම කොටස. මේ මහා වැස්සට කලින් පෘථිවිය කියන්නේ වියළි, ශුෂ්ක තැනක්. නමුත් මේ අඛණ්ඩ වර්ෂාවත් එක්ක පෘථිවිය පුරාම යෝධ ගස් කොළන් වැඩෙන්න ගත්තා.
එතෙක් කුඩාවට සිටි ඩයිනෝසෝරයන්ට මෙය රජ මගුලක් වුණා. අලුතින් හැදුණු වනාන්තර සහ ආහාර බහුලත්වය නිසා ඩයිනෝසෝරයන් ප්‍රමාණයෙන් විශාල වෙන්නත්, ලොව පුරා වේගයෙන් පැතිරෙන්නත් පටන් ගත්තේ මේ වැස්ස නිසා බවයි පැවසෙන්නේ.
ඉතින්, අද අපි කෞතුකාගාරවල දකින ඒ දැවැන්ත ඩයිනෝසෝරයන් බිහිවෙන්න පාර කැපුවේ මේ වසර මිලියන 2ක මහා වැස්සයි!
ස්වභාවධර්මය පුදුමාකාරයි නේද..? සමහර විනාශයන් අලුත් ලෝකයක් නිර්මාණය කරනවා.