වසරේ හොඳම වාර්තාකරු -ෆිනකල්- සම්මානය සුජිත් හේවාජුලිගේට

"ඒසියන් මිරර්" සුභ පැතුම්..! (සුජිත් මංගල ද සිල්වා) වසරේ හොඳම වාර්තාකරු ෆිනකල් සම්මානය (PEOPLE'S PINNACLE BEST REPORTER OF THE YEAR 2025) හිමිකරගත් ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ සුජිත්හේවාජුලිගේ…
"ඒසියන් මිරර්" සුභ පැතුම්..!
(සුජිත් මංගල ද සිල්වා)
වසරේ හොඳම වාර්තාකරු ෆිනකල් සම්මානය (PEOPLE'S PINNACLE BEST REPORTER OF THE YEAR 2025) හිමිකරගත් ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ සුජිත්හේවාජුලිගේ විශිෂ්ට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට "lankanewsweek" වෙබ් අඩවියේ අපි සිය සුභාසිංසන මෙසේ පළකර සිටින්නෙමු.
වසර හතළිහකට ආසන්න කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ කළ පුරුදුකම් පළපුරුදුකම් ඇති සුජිත් හේවාජුලිගේ හොඳ ප්‍රවෘත්ති හඹා යෑමේ සහ තොරතුරු ඉතා ආකර්ෂණීය ලෙස ගොනු කිරීමේ හැකියාව ඇති විශිෂ්ට නිර්මාණශීලී වාර්තාකරුවෙකි. මාධ්‍යවේදයකි. මේ රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යකරුවන් සියලු දෙනා ඊට සාක්ෂි දරනු ඇත. මෙය සටහන් කරන මාද ඔහුගේ ලිවීමේ කලාවෙන් බොහෝ දේ උගෙන ගත් මාධ්‍යවේදියකු බව සටහන් කරන්නේ කෘතඥතා පූර්වකවය.
ලියන්නෝ නම් ඕනෑ තරම් සිටිති. නමුත් වියාකරණානුකූලව, භාෂානුකූලව, තර්කානුකූලව ලිවිය හැකි මාධ්‍යවේදීන් ලේඛකයන් සහ වාර්තාකරුවන් රටේ අල්පය. සුජිත් හේවාජුලිගේ නම් දැවැන්තයාද ඒ අතර සිටින විශිෂ්ටයෙකි. අප ඔහුගේ සේවය කුහකත්වයෙන් තොරව මෙසේ අගයන්නේද ඒ නිසාමය. ඔබට ජයෙන් ජය!
දැන්වීම

ඔබට "lankanewsweek"අපගේ සුභාශිංසන..!