වසරක් ඇතුළත විදුලි බිල සියයට 300කින් වැඩි කරලා

ගතවූ වසරක කාලයේදී රජය මගින් විදුලි බිල 300%කින් එනම් තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි 43 වන සේනාංකයේ නායක සහ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.…
ගතවූ වසරක කාලයේදී රජය මගින් විදුලි බිල 300%කින් එනම් තුන් ගුණයකින් ඉහළ නංවා ඇතැයි 43 වන සේනාංකයේ නායක සහ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
ගෙවුණු වසරේ අගෝස්තු මාසයේදී 75% කින් වැඩි කළ විදුලි බිල, ගෙවුණු සතියේ දී නැවත 66% කින් වැඩි කර ඇතැයි පෙන්වා දෙන පාඨලී චම්පික රණවක මහතා ඒ අනුව 2022 වසරේ පෙබරවාරි මස පැවති විදුලි බිල මෙම වසරේ පෙබරවාරි වන විට තුන් ගුණයකින් වැඩි කර ඇතැයි සඳහන් කරයි.
මේ වසරේ ලංකා විදුලි බල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 765 ක් වනු ඇතැයි කියා සිටින පාඨලී චම්පික මහතා 2022 වසරේ ලංකා විදුලි බල මණ්ඩලයේ අයවැය අනුව එහි සමස්ත වියදම වී ඇත්තේ රුපියල් බිලියන 471 ක් බවත්, මෙම වසරේ එම වියදම රුපියල් බිලියන 765 වන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් අවධාරණය කර සිටියි.
දැන්වීම
මෙම විදුලි බිල වැඩි කිරීම තෙල් මිල සූත්‍රය සේම පුම්බන ලද වියදම් මත පදනම්ව ඇති බවත්, භාණ්ඩාගාරයේ සහ රාජ්‍ය බැංකුවල වැරදි මූල්‍ය කළමනාකරණයට විදුලි සහ තෙල් පාරිභෝගිකයා වග කිව යුතු නැති බවත් හෙතෙම කියා සිටියි.
එමෙන්ම ගාස්තු සංශෝධනයේදී වැඩි බර දමා ඇත්තේ ඒකක 90 ට අඩුවෙන් පරිහරණය කරන පිරිමැසුම් පාරිභෝගිකයන්ටවීම අතිශයින් අයුක්ති සහගත බවත්, සමෘද්ධි සහනාධාරය ලෙස රුපියල් බිලියන 66ක් දී විදුලි බිල්පතෙන් රුපියල් බිලියන 106 ක් වැඩියෙන් ගැනීම දුගියා කබලෙන් ලිපට දැමීමක් බවත් පාඨලී චම්පික මහතා සඳහන් කරයි.
ලංවිම ගාස්තු වැඩ කිරීමේ ක්‍රමවේදයක් තිබියදී මහ ජන උපයෝගීතා කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය පිළිකුල් සහගත මැර ක්‍රියා කලාපයක් බව ද පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
