වසංගතයෙන් බැට කන බස්නාහිර ජනයාගේ වගකීම රවීට-වතුකරය නවීන්ට

බස්නාහිරයි-වතුකරයයි වෙනුවෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම අරමුණයි කොරෝනා වසංගතයක් ලෙස සීග්‍රරයෙන් පැතිර යන බස්නාහිර පළාතේ සහ වතුකරයේ ජනතාව පිළිබඳව නිරතුරුවම කරුණු සොයා බලා එම ජනයා වෙනුවෙන් වහාම…
බස්නාහිරයි-වතුකරයයි වෙනුවෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම අරමුණයි

කොරෝනා වසංගතයක් ලෙස සීග්‍රරයෙන් පැතිර යන බස්නාහිර පළාතේ සහ වතුකරයේ ජනතාව පිළිබඳව නිරතුරුවම කරුණු සොයා බලා එම ජනයා වෙනුවෙන් වහාම අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව රජයට නිර්දේශ ඉදිරි පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහි අධික්ෂණ කටයුතු එම පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා වෙත පවරනු ලැබ තිබේ.
වතුකරයේ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු පවරා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා වෙතය.
කොරෝනා වෛරසය වසංගතයක් ලෙස පැතිරෙන බස්නාහිර පළාත සහ වතු කරයේ ජනතාව වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ග වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවී කරුණානායක සහ නවීන් දිසානායක යන මහත්වරුන් විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.