අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන

වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන

කොළඹ ආරක්ෂක අංශ නිලධාරීන් ගැනත් සොයා බලයි ▶ වීඩියෝව නරඹන්න (නිලන්ති මානෙල්) COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ…

කොළඹ ආරක්ෂක අංශ නිලධාරීන් ගැනත් සොයා බලයි 

වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන

වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන

වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන

දැන්වීම

වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන

▶ වීඩියෝව නරඹන්න

වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන

(නිලන්ති මානෙල්) 

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය සහ ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික රැකියා අදායම් මාර්ග අහිමි වී, අන්ත අසරණව කුස ගින්නේ සිටින කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සහ පැල්පත් වාසී ජනයාගේ කුස ගිනි නිවාලීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම ජනයාගේ නිවාසවලටම බෙදා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා ආරම්භ කළ වැඩ පිළිවෙළ මේ වන විට අඛණ්ඩවම ක්‍රියාත්මක වෙමින් පවතියි. 

ඊට අමතරව වසංගතයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය ඇතුළු ක්‍රියාමාර්ගවලට අදාළව නීතිය ක්‍රියාත්මක කරමින් සහ ඊට සහය පළ කරමින් ජනතාවගේත් රටේත් ආරක්ෂාව වෙනුවෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ ආරක්ෂක මුර කපොලු 150ක දිවා රෑ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ගේ සුව දුක් සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බැලීමට ද ඔහු ක්‍රියා කරමින් සිටියි.

මේ අතර රවී කරුණානායක මහතාගේ සහන සේවා වැඩ සටහන යටතේ වියළි ආහාර සලාක ලබා දෙන්නේ ඇඳිරි නීතිය සහ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය හේතුවෙන් දැඩි ආර්ථික සුනාමියකට,පීඩාවකට සහ මානසික කඩා වැටීමකට බරපතළ ලෙස ලක් වී සිටින කුලීකරුවන්, අනියම් සේවකයින්, කොන්ත්‍රාත් සේවකයින්, ත්‍රී රෝද රථ රියදුරන්, මගී ප්‍රවාහන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරුන්, ලොතරැයි අලෙවිකරුවන්, "වඩේ-කඩල-රට කජු" ආදිය අලෙවි කරන්නන්, කෑම පාර්සල් ඇතුළු ආහාරපාන ගෘහස්ථව සකස් කර අලෙවි කරන්නන්, "බුලත් විට-තැඹිලි-පළතුරු" වෙළෙඳුන්, පාසල් මගී ප්‍රවාහන සේවාවල යෙදී සිටින්නන්, බාබර් සාප්පු කරුවන්, ඇඳුම් මසන්නන්, පාවහන් අලුත් වැඩියා කරන්නන්, බෝතල් පත්තර ආදිය අලෙවි කරන්නන්, බ්‍රෝකර් වැඩ කරන්නන්, බස් රථවලට නැගී "පොත්පත්-හඳුන්කූරු-කපුරු බෝල-රස කැවිලි" ආදිය අලෙවි කරන්නන් සහ ධීවරයින් ඇතුළු පාර්ශවයන්ටය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වසංගතයෙන් අදායම් අහිමිවූවන්ට රජමල් වත්තෙන් දිගටම සහන | Lanka Newsweek