වවුනියාවේ මාරක රිය අනතුරින් 02නෙක් මරුට..!

(නිලන්ති චන්ද්‍රසේන) වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ දී අද (11) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබාතිබෙන බව වාර්තා වේ. මෙලෙස අනතුරට පත් වී ඇත්තේ වවුනියාව සිට…
(නිලන්ති චන්ද්‍රසේන)
වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ දී අද (11) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබාතිබෙන බව වාර්තා වේ.
මෙලෙස අනතුරට පත් වී ඇත්තේ වවුනියාව සිට කිලිනොච්චිය දෙසට ගමන් කරන ලද කන්ටේනර් රථයක් සහ කිලිනොච්චිය සිට වවුනියාව දෙසට ගමන් කරන ලද බස් රථයක් බව පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයේ හා කන්ටේනර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් බවට මුලුක පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
දැන්වීම
බස් රථයේ ගමන් කළ කාන්තාවක හා කන්ටේනර් රථයේ රියැදුරා අනතුරින් මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇත.
මේ වනවිට තුවාල ලැබූ පුද්ගලයෝ වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබති.