වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතුයි

කොළඹ වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී…
කොළඹ වරාය නගරය පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත් කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (20) අවධරණය කර සිටියේය.
වරාය නගර ව්‍යාපෘතියේ ගිණුම් වසරකට වරක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවට වගන්තියක් ගෙන එන්නැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.
"කොළඹ වරයා නගර පනත මුදල් විශුද්ධිකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීමේ යටි අරමුණින් ගෙන එන පනතක් බවට විදේශ රටවල් පවා සැක පළ කර තිබෙනවා. මේ ආණ්ඩුව මේ වන විට ශ්‍රී ලංකාවේ බින්න බහින්න චීනයට ඉඩ දී තිබෙනවා. කලාපිය බලවතා සහ අපේ කිට්ටුම අසල් වැසියා වන ඉන්දියාව තරහ කර ගෙන කිසිවක් කරන්නට බැහැ."යනුවෙන්ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.