අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

වර්ජනය කිරීමේ අයිතිය මර්දනය කරන්න රජයට අයිතියක් නැහැ

වර්ජනය කිරීමේ අයිතිය මර්දනය කරන්න රජයට අයිතියක් නැහැ

වැඩ කරන ජනතාවට රජය එල්ල කරන්න යන මැර ප්‍රහාරය තරයේ හෙළා දකිනවා රජයේ මැර ප්‍රහාරයට එරෙහිව වැඩ කරන ජනයා පෙරට ආ යුතුයි සිය අයිතීන් සහ සාධාරණය වෙනුවෙන් වර්ජනය කිරීමට වැඩ කරන ජනතාවට තිබෙන අයිතිය තහනම්…

වැඩ කරන ජනතාවට රජය එල්ල කරන්න යන මැර ප්‍රහාරය තරයේ හෙළා දකිනවා  

රජයේ මැර ප්‍රහාරයට එරෙහිව වැඩ කරන ජනයා පෙරට ආ යුතුයි 

සිය අයිතීන් සහ සාධාරණය වෙනුවෙන් වර්ජනය කිරීමට වැඩ කරන ජනතාවට තිබෙන අයිතිය තහනම් කරමින් එම ජනයාගේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට රජය එල්ල කිරීමට යන මැර ප්‍රහාරය තරයේ හෙළා දකින අතර ඊට එරෙහිව සියලුම වැඩ කරන ජනයා පෙරට ආ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවට අදාළව තහනම් කළ යුතුය යන අදහසක් රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් ලෙස අවධානය යොමු කරන්නෙමු. අධිකරණ අමාත්‍යවරයාගේ එම අදහස වත්මන් රජයේ අදහස ද වන්නේ නම් එම තත්ත්වය සැලකිය යුත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ වැඩ කරන ජනතාවගේ නිදහසට එල්ල කිරීමට සූදානම් වන මාරක ප්‍රහාරයක් ලෙසටය. 

දැන්වීම

රජය අභ්‍යන්තරයේ එවැනි සූදානමක් තිබේ නම් ඇති විය හැකි අහිත කර ප්‍රතිවිපාක දෙස අවධානය යොමු කරවමින් හෝ එම තීරණය හකුලා ගත යුතුව ඇතැයි යන්න අපගේ බලවත් අදහසය. වෘත්තීය සමිතියක අයිතිවාසිකම් යනු පිළි ගත් මානව අයිතිවාසිකමක් ද වේ. එමෙන්ම එම අයිතිය වැඩ කරන ජනතාව සතුව තිබෙන අන්සතු කළ නොහැකි අයිතියක් වනවා පමණක් නොව සමාජයේ සාධාරණත්වය සහ කල් පවත්නා සාමය උදෙසා ද බලවත් ලෙස ඉවහල් වන සාධකයක් ලෙසට ද එකී අයිතිවාසිකම් සැලකිය හැකිය. 

එමෙන්ම වෘත්තීය සමිති අයිතිවාසිකම් සේම වගකීම් සහගත සමාජයක් පිළිබදව ද අපේක්ෂා කරන සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටින්නේ, වෘත්තීය සමිති දේශපාලන පක්ෂයන්හි පටු අරමුණු උදෙසා ක්‍රියා කරන අතකොලු නොවිය යුතු බවය. වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීමේ අයිතිය පවා යුක්ති ගරුක ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් කරන ලද්දේ ද එවැනි දේශපාලන පටු අරමුණු මත පිහිටා කටයුතු කරන ලද ඊනියා ආයතන විසිනි. එවැන්නන්ගේ කරමතින් බලයට පැමිණි පිරිසක් අද රටේ වැඩ කරන ජනතාවගේ මූලික අයිතියක් වන වර්ජනය කිරීමේ අයිතිය මර්දනය කිරීමට සූදානම් වන්නේ නම් අප එම ක්‍රියාව සලකන්නේ බරපතළ සාපරාධි කුමන්ත්‍රණයක් ලෙසටය.  

ඒ අනුව අප, රටේ සමස්ත වැඩ කරන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි උත්සහයන් පරාජය කිරීමට කොන්දේසි විරහිතව එක්සත් වන ලෙසටය. වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට සූදානම් වන අධිකාරීවාදී පාලකයන්ට එරෙහිව නැගී සිටින ලෙසට ය. එමෙන්ම එවැනි උත්සහයන් සාධාරණීකරණය කිරීමට ඉවහල් වන ක්‍රියා මාර්ගයන් හි නිරත වන ඊනීයා සංවිධාන සහ ඒවායේ කුමන්ත්‍රණකාරී පිළිවෙත රටට හෙළිදරව් කරන ලෙසටය.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න