වරදාන අපේක්ෂා නොකරන ඕනෑම අයෙකුට සජබයේ දොරගුළු විවෘතයි

කිසිම විපක්ෂයක් ඉටු නොකරන ජනතා සේවයක් සජබය ඉටු කරනවා සජබය ශ්‍රී ලංකාවේම අංක එක වූයේ ඒ නිසයි ප්‍රතිපත්ති කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එක් වෙමු අවස්ථාවාදී සහ බල ලෝභී දේශපාලනඥයන් වගේ තමා කිසිදු…
කිසිම විපක්ෂයක් ඉටු නොකරන ජනතා සේවයක් සජබය ඉටු කරනවා
සජබය ශ්‍රී ලංකාවේම අංක එක වූයේ ඒ නිසයි
ප්‍රතිපත්ති කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එක් වෙමු

අවස්ථාවාදී සහ බල ලෝභී දේශපාලනඥයන් වගේ තමා කිසිදු අවස්ථාවක දුන් පොරොන්දු කඩ කර නොමැති බවත් හැත්තෑ හය වසරක මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ විපක්ෂයක් ඉටු නොකළ ජනතා සේවාවක් තමා විපක්ෂයේ සිට ඉටු කළ බවත් එම නිසා තමා ජනතාවට ලබා දෙන පොරොන්දුවලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් විපක්ෂයේ සිටම ඉටු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.
එසේම හැත්තෑ හය වසරක ඉතිහාසයක් ගැන ලොකුවට කතා කරන මේ අවස්ථාවේ සමගි ජන බලවේගයේ දේශපාලන ගමන ගැන සියලු දෙනා ආඩම්බර විය යුතු බවත් හැත්තෑ හය වසරක් තිස්සේ මේ රටේ කිසිම දේශපාලන නායකයෙකු බලය සහ තනතුරු නොමැතිව රටට-ජනතාවට සේවය කර නොමැති වුවත් සමගි ජන බලවේගය ශ්‍රී ලංකාවෙන් ම අංක එක බවට පත්ව ඇත්තේ හැත්තෑ හය වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ කිසිදු දේශපාලන පක්ෂයක් නොකළ සේවාවක් ඉටු කළ නිසා බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, "සමගි රටක්-අනගි හෙටක්" යන තේමාව යටතේ කොළඹ දී පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් වන අතර ඊට අති විශාල ජනකායක් එක්ව සිටියහ.
රට විනාශ කර ජනතාව අනාථ කළ පුද්ගලයන් සමඟ තමාට කිසිදු අවස්ථාවක දේශපාලන කූට ගනුදෙනු (Deal) නොතිබූ බවත් එසේ "Deal" දැමීමේ අවශ්‍යතාවක් තිබුණා නම් මීට පෙර අගමැතිකම් හෝ ජනාධිපතිකම් ලබා ගැනීමට හැකියාවක් තිබූ බවත් තමා ඇතුළු පිරිස සෑම අවස්ථාවකම තීන්දු තීරණ ගන්නේ රට සහ ජනතාව වෙනුවෙන් සිතා ප්‍රතිපත්තිගරුකව බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.
එමෙන්ම රට අභ්‍යන්තරයේ මිනී මරු සංස්කෘතියකට, ප්‍රචණ්ඩත්වයට, මත් කුඩු සංස්කෘතියට, අන්තවාදයට සහ ජාති වාදයට ඉඩක් නොමැති බවත් යුක්තිය සාධාරණත්වය පමණක් රටේ රජ කළ යුතු බවත් කිසිම ත්‍රස්තවාදයකට මුල පුරන්න ඉඩ නොතබන අතර මේ රටේ සිංහල නොවන ජනතාව මුහුණ දෙන ගැටලුවලට තිරසර විසදුමක් ලබා දෙන බවත් එහි දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සක්‍රීය බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
එබැවින් වරදාන සහ වරප්‍රසාදවලින් තොරව රට සහ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට කැමති ඕනෑම අයකුට සමගි ජන බලවේගයේ දොරගුලු විවෘත බවත් ප්‍රතිපත්ති කේන්ද්‍රීය රාජ්‍ය පාලනයක් වෙනුවෙන් එක් වන ලෙස සියලු ජනයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩි දුරටත් පැවසීය.