අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ

(හේමන්ත තුසිත කුමාර) වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.ඔහු මේ බව…

(හේමන්ත තුසිත කුමාර)

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධයකින් තොරව සිදු වී ඇතැයි  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද(18) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරිමට අවසර දී ඇති බව ඊයේ(17) සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කල අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කිසිදු මත්පැන් අලෙවිසැලක් විවෘත කළ හැකි බවට දක්වා නොමැත.

එමෙන්ම විශාල ජනකායක් පෝලිම් ගැසී මත්පැන් අලෙවිසැල් අසළ සිටීමෙන් තවත් පොකුරක් නිර්මාණයවීමට ඉඩ සැලසෙනබව  විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වයින් ස්ටෝර්ස් විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ | Lanka Newsweek