වයස 70 සම්පුර්ණ වූ රැදවියන්ට නිදහස..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

වයස අවුරුදු 70 ඉක්ම වූ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. තවද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැඳවියන්, මරණ දඬුවම හිමි වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ රැඳවියන් එම…
වයස අවුරුදු 70 ඉක්ම වූ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
තවද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැඳවියන්, මරණ දඬුවම හිමි වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ රැඳවියන් එම නිදහස්වීමට අයත් නොවන අතර සුළු වැරදි සඳහා සිරදඬුවම් ලබා සිටින වයස අවුරුදු 70 සම්පුර්ණ වූ බන්ධනාගාර රැඳවියන්ට එලෙස නිදහස ලබාදීමට කටයුතු කරමින් ඇති බව බන්ධනාගාර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ ය.
එවැනි වැරදිවලට සම්බන්ධවී මේ වන විට බන්ධනාගාරගත ව සිටින රැඳවියන් සංඛ්‍යාව 70 කට ආසන්න වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටියි.
මේ අතර සුළු වැරදිවලට සම්බන්ධ අවුරුදු 70 ට අඩු රැඳවින් සඳහා ද බලපත්‍ර ලබාදී නිදහස ලබාදීමට ද කටයුතු කරන බව අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතා පවසයි.
නමුත් නිදහස ලබා දුන් පසුව යළි වැරදි සිදුකළහොත්, අදාළ රැඳවියාට හිමව තිබු සිරදඬුවම යළි ක්‍රියාත්මක කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1