වන අලි පහරදීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.ඉන් එක් අයෙක් කල්මුණ බස් නැවතුම්පොළ පිටුපස මාර්ගයේදී සිදුවූ වනඅලි පහරදීමක් හේතුවෙන් මියගොස් ඇත.එලෙස…
කල්මුණ සහ කැබිතිගොල්ලෑව පොලිස් වසම්වල දී සිදු වූ වනඅලි පහරදීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.ඉන් එක් අයෙක් කල්මුණ බස් නැවතුම්පොළ පිටුපස මාර්ගයේදී සිදුවූ වනඅලි පහරදීමක් හේතුවෙන් මියගොස් ඇත.එලෙස මියගොස් ඇත්තේ, තිරිවල්ලුවර් මධ්‍යම ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පුද්ලයෙකි.
මේ අතර කැබිතිගොල්ලෑව, කංවුට්ටුව කනත්ත අසලදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ලයෙකුට වනඅලියෙකු පහරදීම හේතුවෙන් ඔහු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, මහරළපනාව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1