අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වනජීවී නිලධාරීන්ට පහර දුන් තවත් 10ක් අත්අඩංගුවට..!

පොළොන්නරුවේ වන ජීවී නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක..!

මින්නේරිය වනෝද්‍යානයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 10 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන…

මින්නේරිය වනෝද්‍යානයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 10 දෙනෙකු මේ වන විට  අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් අතර  හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු දසිටින බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (29) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙයට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ද සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

මේ අතර ඊයේ දිනයේදී ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වූ වනජීවී නිලන්ධාරින් තවදුරටත් එයින්  ඉවත් වී සිටින බව වාර්තා වේ.  පහර දීමට සම්බන්ධ  සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු මෙසේ රාජකාරි කටයුතු වලින් ඉවත් වී සිටින බව එම නිලධාරීන් ප්‍රකාශ කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
වනජීවී නිලධාරීන්ට පහර දුන් තවත් 10ක් අත්අඩංගුවට..! | Lanka Newsweek